වීදිය
හය හතර නොදත්
අයනු ආයනු අකුරු කර නැති
කෙලි කවටකම් මැද
වීදියට වී සිඟාවදිමින්
මුදල් කුමටද?
ගනින්නටවත් බැරි
කෙලිත්තට--------------
කුණු ජරා ගඳ ගසන
වස්ත්‍ර ඇඳ අපිරිසිදු වතින් යුතු
පුංචි මල් කැකුළ
දකින්නන්ගේ සිත් ද වශී කර
අතෙහි ඇති බෙලෙකයට
කාසි එක දෙක වැටෙන තුරු
බලා සිටී නෙත් හැර
අතද පයද කැඩුණු බෝනික්කෙකු
සමඟ
දකින ලද දසුනින්
වීදියේ ජීචිතයේ
දුකද අසරණකමද යන්න
නොවැටහේ මට
ශෙහානි ලියනගේ
කැළණිය විශ්ව විද්‍යාලය


Kunu sahith sith athi me sathwayage apuru weladamak shehani
ReplyDeleteWeladamak uwada kawi sithata wedana bara hagumaki meya
Deletegood
ReplyDeletethanx
DeleteAththatam lassanai shehaniyoooo....
ReplyDeleteළමයින් පුංචි මල් කැකුළුවලට උපමා කරන ලෝකයම මේ විදියට ළමයින්ට සැලකීම ඇත්තටම හරිම අවාසනාවක්
ReplyDelete