විනය කටින උන් ගීතය ඔබ දන්නවාද?
විනය කටින උන් තරහා නොකියාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම
ගුණේ රැුකන් ඉන්නලූ මළ හිමිගේම
වනේ නැතිව උන් දුක දන්නේ කොහොම
ගමේ ගැටව් කර බාගෙන උන්නාට
විසේ නැද්ද නාකිත් පිල උඩට රෑට
නෙලා ගනින් යැයි කප්රුක පිදුවාට
ඉනේ රෙද්දමයි හිටියේ හරහාට
ලැමේ කිරට මොර ගානා පැටියන්ට
අනේ කව්ද ඉන්නේ වේලක් දෙන්න
ලිපේ ගින්න තුන් වරුවේ අව්ලන්ට
වරෙව් මහතුනේ කුණු කය වළදන්ට
වසන්ත පුෂ්පකුමාර හෙවත් පූර්ණ ජය ශ්‍රී විසින් මෙම ගීතය රචනා කර ඇති අතර මෙය ඔහු විසින් තරුණ සේවා සභාව විසින් පවත්වන ලද පද්‍ය නිර්මාණ තරගයක් සඳහා කවි 14 නිර්මාණය කර ඇති අතර ඉන් මුල් කවි තුන මෙම ගීතයට පදනම වී ඇත.මෙය සත්‍ය සිදුවීමක් ආශ්රයෙන් නිර්මාණය කර ඇති අතර ගීතය ප්‍රදීපා ධර්මදාස විසින් ගායනා කරන අතර රෝහණ වීරසිංහ සංගීත නිර්මාණය සිදු කර ඇත.
1988-1989 කාල සීමාව තුල ඇති වූ යුද ගැටුම් කැරලි කෝලහාල තේමාව කර ගනිමින් පැල්වත්ත ප්‍රදේශයට ආසන්න ප්‍රදේශයක උක් මෝලක කම්කරුවෙක් සහ ඔහුගේ පවුල සහ දරුවන්ට අත් වූ ඉරණම පිළිබඳව සඳහන් වෙයි.දේශපාලන මතිමතාන්තර සහ කළකෝලහාල මඟින් මරණයට පත් වූ සැමියා හේතුවෙන් වැන්දඹුවකු වූ කාන්තාවගේ කතාව ගීතයකට නඟා ඇති අතර මෙය විරෝධ ආකල්ප ජනනය වන ලෙස නිර්මාණය වූ වැන්දඹුවකගේ චින්තාවක් වේ.
සැමියා මළ පසු දරුවන් සමඟ අන්ත අසරණ වී දුක් කම්කටොළු සමාජ පීඩනයන් හේතුවෙන් ඇයට දරුවන්ට කන්නට දෙන්න දෙයක් නොමැතිව සමාජය සමඟ කෝපයෙන් කල් ගත කරන වැන්දඹුවෙකි.ඇය මෙම සමාජයේ සාපලත් යුධ ගැටුම් කැරලි කෝලහාල හේතුවෙන් අත්ත අසරණ දුක්ඛිත තත්වයට පත් වූ අසරණියෙකි.ඇය සතුටින් තම සැමියා දරුවන් සමඟ කල් ගත කොට ඇත.ඇගේ සහ දරුවන්ගේ ආරක්ෂකයා ඔහුයි.ඔහුගේ සෙවනේ දුප්පත් වුවත් අඩුවක් පාඩුවක් නැතිව කල් ගත කොට ඇත.සමාජය විසින් ඇයට ඇගේ ආදරධෑය සැමියා මෙලොවෙන් මාරු කැඳවා ඇත.ඉතින් ඇයට සරණක් කොහිද?දරුවන්ට සැපය සොයන කාලයේ උන් උස් මහත් කරන්නට අයනු ආයනු කියා දෙන්නට ඇයට වත්කමක් නැත.ඇයට කරගෙන යන්නට කියා රස්සාවක්ද නැත.දෙලොවක් අතර තනිව ඇය ඇගේ දරුවන් ගැන සිතයි.සමාජක් ඇයට සිනාසුනත් ඇයට එය දැනෙන්නේ නැත.මන්ද ඇය මහා මෙරක් තරම් සප්ත සාගරය කැළඹුවා මෙන් මහා කරදර දුක් කම්කටොළු වලට මුහුණ දෙමින් දුක්ඛිත ජීවිතයක් ගත කරයි.
විනය කටින උන් තරහා නොකියාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම
මෙහි උඩුපෙල අර්ථයට අනුව විනයක් හැදියාවක් නොමැත්තියකට වුවත් ගම්මානයන්හි ඇගේ මුණට කිසිවක් නොපවසයි.නමුත් තැන් තැන් වලට ගොස් ඇයට නොයෙකුත් පද හැදීමට සමාර්ථය යන අර්ථය හඟවන පද්‍ය කණ්ඩයකි.මෙහි යටිපෙළ අරුත වන්නේ සැමියා නොමැතිව අතරමං වූ ගැහැණියට ඇගේ දරුවන් පෝෂණය සඳහා මළ හිමියන් ගැන සිහි කිරීමෙන් පලක් නැත.
නමුත් සමාජයේ කිසියම් අකටයුතුකමක් නිසා සැමියා මරණයට පත් වුවද සමාජය විසින් මෙම වැන්දඹු මවටද දෝශාරෝපනය කරයි.සමාජ සම්මත වෘත්තියක් ඇයට ලබා දෙන්නේ කවුරුන්ද?ඇය දරු දෙදෙනා සමඟ කුමක් කරන්නද?ඇය දරුවන් පෝෂණය කිරීමේ පරමාර්ථයෙන් යුතුව ඇයට මෙම රැුකියාව කිරීමට සිදු වේ.නමුත් සමාජය තුළ ඇයට විවිධ කතා හදන සහ විවිධ දේ කියන පුද්ගලයින් ඇත.ඇයට කනේ කොහොඹ මිරිකනවා මෙන් අමිහිරි,තිත්ත දේ හිත රිදෙන කතා බොහොමයක් පවසයි.නමුත් ඇය ඒ කිසිවක් පිළිබඳව කම්පාවන්නේ හෝ සිතන්නේ නැත.ඇගේ පරමාර්ථය වන්නේ දරුවන් උස් මහත්වනු දැකීමයි.ඇයට සැමදාම මැරුණු හිමියන් ගැන සිතමින් සිටීමට හැකියාවක් නැත.අසරණ දරුවන්ට බත් පිඬක් හෝ ලබා දීමට ඇය වෙහෙසිය යුතුය.එඩිතර සිත් ඇති ගැහැනියක් බව කවියා රසිකයාට මෙමඟින් ජනිත කිරීමට උත්සාහ ගෙන ඇත.කුරිරු යුධ කෝලහාල වලින් පදම් වූ ඇගේ දිවියට වග කිව යුත්තේ අන් කවරක් නොව සමාජය බව මෙම පද්‍යයෙහි සෑම තැනකම කවියා මතු කිරීමට උත්සාහ දරා ඇත.ඇයට සමාජය විසින් පවසන්නේ මෙසේයි.
ගුණේ රැකන් ඉන්නලූ මළ හිමිගේම
වනේ නැතිව උන් දුක දන්නේ කොහොම
සැමියා මළත් ඔහුගේ ගුණය නම්බුව ආරක්ෂා කර ගෙන සිටිය යුතුයි සමාජය විසින් ඇයට පවසයි.දරුවන් බඩගින්නේ මළත් ගුණේ ආරක්ෂා කළ යුතුද?ඇය එසේ සිටින්නේ කෙසේද?ඇය සමාජයෙන් අසන්නේ වණයක් නැතිනම් තුවාලයක් නැතිව එහි වේදනාව දැනෙන්නේ කොහොමද යනුවෙනි.ගැමි වහරින්ම එය ආමන්ත්‍රණය කොට ඇත්තේ වනේ තියන එකයි ඒකෙ වේදනාව දන්නේ යන වැකියෙනි.
ඇය දරුවන් වැදූ මවකි.වැදුවා පමණක් නොව ඇයට දරුවන් හැදීමටද සුදානම් විය .දරුවන් බඩගින්නේ හඬන විට එය වැඩිවශයෙන් දැනෙන්නේ වැදූ මවටයි.මෙම සමාජයේ දරුවන් මහා මඟ දමා යන අම්මාවරුන් ඇමතීමක්ද මෙම පද කොටස හරහා සිදු කෙරේ.දරුවන් වදා බල්ලන් බළලූන් මෙන් මහා පාරේ දමා යන සමාජයකයි අප අද ජීවත් වන්නේ මෙම මවටත් වැදූ දරුවන් මහ මඟ
දමා සැමියා නැති කළ වෙනක් ස්වාමියෙක් සමඟ සුර සැප විදීමට යා නොහැකිද?නමුත් ඇය ඇගේ සැපය නොව දරුවන්ගේ යහපත පාර්ථනා කරන උතුම් ගුණ ඇති කුරිරු සමාජයෙන් බැට කා සමාජයට ආදර්ශයක් සපයන්නට උත්සුක වන කථකිග දරුවන් මහ මඟ දමා යන අම්මාවරුන්ට මේ වැන්දඹු කාන්තාව ආදර්ශයකි.දරුවන්ගේ බඩගෝස්තරය රැුක ගැනීමට තමන්ගේ ඇඟ උගස් කරයි.මන්ද සෑම දෙයකින්ම මෙම සමාජය තුළ පීඩා විදින්නේ ඇයයි. නමුත් මෙම සමාජයේ සැමියෙක් නැතිව කාන්තාවකට තනිවම ජීවත් විය නොහැකිය.සැමියා නැති කාන්තාවක් දෙස සමාජය බලන්නේ වපර ඇසෙනි.ඇයට නැති වූයේ ඇගේ සැමියා පමණක් නොව ඇගේ ආත්මයම නැතිව ගොස් ඇත.ඇයට අත්ව ඇති ඉරණම කවියා මෙසේ දක්වයි.
ගමේ ගැටව් කර බාගෙන උන්නාට
විසේ නැද්ද නාකිත් පිල උඩට රෑට
නෙලා ගනින් යැයි කප්රුක පිදුවාට
ඉනේ රෙද්දමයි හිටියේ හරහාට
සැමියා නැති කාන්තාවක් දෙස පිරිමින් බලන අකාරය මනාව මෙහි නිරූපණය කර ඇති අතර කාන්තාවෝ වැඩි වශයෙන් කරදර අතවර වලට ලක්වෙයි.ඇයට කරදර සිදු වන්නේ තරුණයින්ගෙන් නොව ගමේ වයසක නාකින්ගෙන්ය .මෙය සමාජයට ඉදිරිපත් කර ඇත්තේ ව්‍යංගාර්ථවත් බසකිනි.සැමියා මළ ස්ත්‍රීයකගේ නිවසට නිකන් නිකරුනේ පිරිමින් එන්නෙ නැත.ඔවුන් ඇයට කප්රුක රැුගෙන එයි.ඇගේ තනිය මකන්නට,දරුවන්ට කන්න බොන්න දෙන්න ඔවුන්ට උපකාර කිරීමේ පරමාර්ථයෙන් පැමිණෙන්නේ නැත.ඔවුන්ට අවශ්‍යය එකම දේ ඇයගේ පහස විදීමටයිගමෙම වැන්දඹු කාන්තාව දැකීමෙන් තරුණයින් කරබාගෙන සිටියත් වයසක ඇත්තන් ඇයට කප්රුක ගෙනවිත් පහස ලබන්නට අපේක්ෂාවෙන් පැමිණේ.දරුවන්ට කන්නට බොන්නට ගෙන දී ඇය සමඟ රති කෙලියේ යෙදීමට ආශාවෙන් පැමිණේ.ඇයට අකමැත්තෙන් වුවද ඇගේ දරුවන් ගැන සිතා එසේ කළ යුතු ය.ඉතින් ඇයට නැගී සිටීමට පිවිතුරු පවිත්‍ර චේතනාවෙන් උදවු කරන ඇත්තන් මෙම සමාජයේ සිටීද?ඇයට සරණට සිතන්නේ ඉණේ රෙද්ද පමණි.ඇයව ආරක්ෂා කිරීමට කිසිවෙක් නැත .සැමියා මළ පසු ඇයට ඇගේ කියා සිටියේ දරුවන් පමණි. මෙම සමාජ ක්‍රමය තුළ ඇයට මෙවැනි දේවල් වලින් බේරී සිටීමට හැකියාවක් නැත .ඇගේ ජීවිකාව ගෙන යෑම සඳහා ඇයට මෙය වෘත්තියක් ලෙස සිදු කරන්නට විය. ජීවිකාව ගෙන යෑම සඳහාත් වේලක් හැර වේලක් හෝ කෑමට මේ නිසා හැකි වේ යයි ඇය විශ්වාස කර මුදලට ඇඟ විකිධෑමට සිදු කරයි.
දරුවන් බලා කියා ගැනීමට ,හදා වඩා ගැනීමට සොච්චමක් ලබා ගැනීමට ඇය මෙසේ සිදු කරයි.සමාජයට හඬ නගා කියන්නට උත්සාහ කරන්නේ සමාජය විසින් ඇයට ඇය මෙවැනි තත්වයකට පත් වුයේ ඇගේ කැමැත්තෙන් නොව සමාජය විසින් ඇයට අත් කර දුන් ඉරණම නිසා ඇය මේ තත්වයට පත් කර ඇති බවයි.
ලැමේ කිරට මොර ගානා පැටියන්ට
අනේ කව්ද ඉන්නේ වේලක් දෙන්න
ලිපේ ගින්න තුන් වරුවේ අව්ලන්ට
වරෙව් මහතූනේ කූණුකය වළදන්න
තන පුඩුව කටට දමන ළදරුවාගේ කුසට කිරි බින්දුවක් නොමැතිව හඬනා විට පිළිසරණක් වීමට උත්සුක වන සමාජයක් කොහිද?එකෙක් පාගා තවකෙක් රජයන්නට සුදානම් වන සමාජයක සලකන්නට ඇයට කවුරුන් හෝ නොමැත.දොස් කියමින් බැණ වදිමින් සිටින්නන් ඇගේ යථාස්වරූපය හිතේ ගින්දර හදුනාගෙන නොමැත.ඒ නිසා ඇයට කුසට අහරක් දීමට හෝ දරුවන්ට නැගී සිටින්නට අත දෙන්නෙක් නැත.ඉතින් ඇයට කළ හැක්කේ පොළවට පස් වන ශරීරය මුදලට විකිධෑම හැරෙන්නට නොමැති නම් වෙන කුමක්දැයි ඇය සමාජයට විරෝධ ආකල්පයක් එල්ල කරමින් ප්‍රශ්ණ කරයි.
ඇය තමා දරුවන්ගේ සුභ සිද්ධිය සඳහා මෙය සිදු කරනවා යයි කවිය හරහා ඉදිරිපත් වේ.මෙහි දක්වා ඇති පරිදි ඇගේ අවසාන ආරාධනාව දෙස බැලීමේදී ඇගේ පහස පතා එන පිරිමින් ද විවේචනයට ලක් කොට ඇත.එවැනි දේ විවේචනාත්මකව දැකීමක් ලෙස මෙම පද්‍ය පන්තියේ අවසාන පැදි පෙළ හරහා නිරූපණය කෙරේ.
වරෙව් මහතුනේ කුණු කය වළදන්න යන්නෙන් කුණු කන්නේ හිවල්ලූ වැනි කුණු කන සතුන්ය.එම කාන්තාව අබියසට පැමිණෙන පිරිමින් ඒ වර්ගයේ බව ව්‍යංගාර්ථවත් ලෙස දක්වයි‘එමෙන්ම මහතුන් යන්නෙන් අදහස් කරන්නේ එලිපිටදී මහතුන් ලෙස රඟ දක්වන පිරිමින් අඳුරේදී තිරිසන් වන බව කවියා දක්වා ඇත්තේ මෙසේයිගසමාජයට මෙම ගැහැණිය ඇයට අත් වූ ඉරණම සහ ඉදිරියේ ඇයට මුහුණ පාන්නට සිදුවන තත්වය පිළිබඳවත් සමාජයට විරෝධය එල්ල කරයි.සැමියා නැති පාඩුව,පාළුව අමතක කරමින් සමාජයක් ඇයට කුමක් කීවත් තමා දරුවන් හදා වඩා ගැනීමට වෙහෙසෙන සමාජය විසින්ම ඇය මේ තත්වයට පත් කර ඇති අතර මෙම කාන්තාව සමාජයට විරෝධය දක්වන ගීතයකි.කුරිරැු යුද්ධයකින් බැට කෑ ගැහැණියකි.සැමියා එක් වරම මරණයට පත් වුවත් ඇයට ජීවිත කාලයේම මැරි මැරී දුක් විදීමට සිදුව ඇත. ඒ අන් කිසිවක් නිසා නොව සමාජයේ කුරිරුකම නිසාවෙන්ය.මෙය විරෝධාකල්ප පද්‍ය පන්තියක් ලෙස මෙය හැදින්විය හැකි අතර සමාජය ආමන්ත්‍රණය කිරීමක් සිදු කරයි.මෙහිදී වරෙව්,කුණුකය ,ගනින් වැනි ආවේගශීලී වචන විරෝධ ආකල්ප ජනනය වන ලෙස යොදා ගෙන ඇත.සමාජයක පවතින සම්මත ක්‍රමය ගීතය මඟින් උලූප්පා දැක්වීමක් සිදු කරයි.සමාජයේ කළ කෝලහාල ,කැරලි නිසා අසරණ වූ වැන්දඹුවකගේ කතිකාවත සමාජයට නිරූපණය කරමින් විරෝධාකල්ප ජනනය වන ලෙස නිර්මාණය කිරීමට ගත් ප්‍රයතනයක් ලෙස හැදින්විය හැකි අතර මෙය වාරණයට ලක් නොවූ අතිවිශිෂ්ට නිර්මාණයක් ලෙස හැදින්විය හැකිය.
ශෙහානි ලියනගේ
කැලණිය විශ්ව විද්‍යාලය

thawa sinduwak wicharaya karanna...
ReplyDelete