Tuesday, June 13, 2017

වීදිය


හය හතර නොදත්
අයනු ආයනු අකුරු කර නැති
කෙලි කවටකම් මැද
වීදියට වී සිඟාවදිමින්
මුදල් කුමටද?
ගනින්නටවත් බැරි
කෙලිත්තට--------------

කුණු ජරා ගඳ ගසන
වස්ත්‍ර ඇඳ අපිරිසිදු වතින් යුතු
පුංචි මල් කැකුළ
දකින්නන්ගේ සිත් ද වශී කර
අතෙහි ඇති බෙලෙකයට
කාසි එක දෙක වැටෙන තුරු
බලා සිටී නෙත් හැර

අතද පයද කැඩුණු බෝනික්කෙකු
සමඟ
දකින ලද දසුනින්
වීදියේ ජීචිතයේ
දුකද අසරණකමද යන්න
නොවැටහේ මට




ශෙහානි ලියනගේ
කැළණිය විශ්ව විද්‍යාලය


6 comments:

  1. Kunu sahith sith athi me sathwayage apuru weladamak shehani

    ReplyDelete
    Replies
    1. Weladamak uwada kawi sithata wedana bara hagumaki meya

      Delete
  2. ළමයින් පුංචි මල් කැකුළුවලට උපමා කරන ලෝකයම මේ විදියට ළමයින්ට සැලකීම ඇත්තටම හරිම අවාසනාවක්

    ReplyDelete

ශ්‍රමය නිසරු වෙයි........ කටෝර මාර්ගයක අපමණ දුක් වේදනා විදිමින් දෑ මා පියන්ගේ දහදියෙන් කඳුලින් අකුරු කරමින් අයනු ආයනු පටන් සප්ත ...