ටෙලිනාට්‍ය මාෆියාව
ටෙලිනාට්‍ය
යන්න යාන්ත්‍රික ක්‍රියාකාරී වේගවත් සමාජයේ හති දමමින් වෙහෙසෙමින් ගෙවන ජීවිතයේ
විවේකී මොහොතක් ලෙස හැදින් විය හැකිය.නමුත් වර්තමානයේ විකාශනය වන ටෙලිනාට්‍ය දෙස
බැලූ කළ අපගේ මනස චිත්ත සන්තානය තුළ පවතින වෙහෙස නිවනවා වෙනුවට තව තවත් වෙහෙසක්
කලබලකාරී ස්වරූපයක් ඇති කිරීමට සමත්වෙයි.
ඊට හේතුව
වන්නේ ටෙලිනාට්‍ය මඟින් බොහෝ දුරට නිරුපණය කරන්නේ විවාහක පවුලක් හෝ අවිවාහක පෙම්
යුවලක් තුළ ඇතිවන්නා වූ උතුරා යන ප්‍රේමය හෝ අඩදබරයි.විශේෂයෙන් නැන්දම්මා ලේලි
ගැටුම,විවාහක බිරිද සහ සැමියා අතර ඇති වන ගැටුම් ,දෙමාපිය දූ දරුවන් මෙන්ම අහළ පහළ
මිනිසුන් සමඟ ඇති වන ගැටුම් ,සහ අනියම් සබඳතා යනාදිය ටෙලිනාට්‍යයන් වල තේමා පාඨය බවට
පත්ව ඇත.මේවා නරඹන ප්‍රේක්ෂකයාගේ සිත ,මනස සුවපත් වන්නේ නැත.දවස පුරා වෙහෙස වී
මහන්සිය නිවා ගැනීමට රූපවාහිනිය ඉදිරියේ වාඩි වන රසිකයාගේ මනස තව තවත් වෙහෙසට පත් වෙයි.
එපමණක් නොව මේවා
සමාජයට ආරෝපණය කිරීම ද සිදුවෙයි.මෙවැනි ගැටුම් සහ ගැටළු විසදා ගැනීමේ ක්‍රමයන් ටෙලිනාට්‍ය
තුළින් සමාජය අනුකරණය කරයි.මේ හේතුන් මත සමාජය යහපත් කිරීමට හැකියාවක් නොමැත.
පිටරට වලින් මෙරටට
ගෙන්වන ලද ටෙලිනාට්‍ය ගත් කළ එම ටෙලිනාට්‍ය නිර්මාණය කොට ඇත්තේ එම රට වල
සංස්කෘතියට ගැලපෙන අයුරිනි .නමුත් ඒවා විවිධ ආගම් අදහන ඉහළ සංස්කෘතියකට වග වන අප
මාතෘ භූමියට නොගැලපෙන අවස්ථාවන් ඇත.එවන් ටෙලිනාට්‍ය මඟින් ලංකාවේ සඟවා කතාබහට ලක්
වන දේ එළිපිට නිරූපණය කිරීමක් සිදු වේ.එවැනි දේ මෙවැනි සමාජයකට නුසුදුසුය.දික්කසාදය,මදුසමය
,ගබ්සාව මෙවැනි දේවල් අප සංස්කෘතිය සමාජය තුළ එළිපිට කතා කිරීමක් සිදු නොවේ .මෙවැනි
දේ එළිපිට කතා කිරීම සහ පෙන්වීම තුළින් යහපත් සමාජයක් ගොඩනැගීමට හැකියාවක් නැත.

විශේෂයෙන් මෙම
ටෙලිනාට්‍ය දෙමාපියන් දරුවන් සමඟ නරඹන අවස්ථාවන් ඇත,මේවා ළමා මනසට නොගැලපේ .ඒ නිසා
මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී මේවායේ ඇතුළාන්තය පිළිබඳව සියා බැලිය
යුතුය.යහපත් පිරිපුන් සමාජයක් ගොඩ නැගීම උදෙසා ආදර්ශමත් සමාජ සංස්කෘතියට ගැලපෙන ටෙලිනාට්‍යන්
නිර්මාණය කිරීමෙන් මාෆියාවක් උවදුරින්
මිදීමට හැකියාවක් ඇත.
ශෙහානි ලියනගේ
කැළණිය
විශ්ව විද්‍යාලය


No comments:
Post a Comment