Tuesday, April 11, 2017

kiss ගැන නොදත් දේවල් ටිකක් දැනගමුද?


සිපගැනීම යන්න පිලිබඳ විමසීමේදී විවිධ සංස්කෘතීන් තුළ විවිධ ආකාරයේ ලක්ෂණයන් දක්නට ඇත.බටහිර සහ පෙරදිග වශයෙන්ද ගත් කල එහිද වෙනස්කම් ඇත.ලංකාව ගත් කලද විවිධ සමාජයන්හි විවිධ ආකාරයේ ලක්ෂණයන් දක්නට ඇත.මෙහි පුද්ගලයාගෙන් පුද්ගලයාටත් වෙනස් වන ලක්ෂණයන් ඇත.එම නිසා රටක් සමාජයක් පමණක් නොව පුද්ගලික වශයෙන් ගත්තද මෙහි ඇත්තේ අන්තර් සංස්කෘතික ලක්ෂණයන් වේ.බොහෝ විද්වතුන් මේ පිළිබඳව පර්යේෂණ පවත්වා ඇති අතර එමගින්ද මෙම අධ්‍යයනය සඳහා තොරතුරු ලබා ගත හැකිය.මානවයා තුළ ඇතිවන හැඟීමක් පදනම් කරගෙන එය සංස්කෘතීන් තුළ පවතින ආකාරය පහත දැක්වේ.
       
 ලෝකයේ විවිධ පුද්ගලයින් විවිධ අවස්ථාවන් වලදී සිපගැනීම සිදු කරයි. එහි විවිධ ආකාරයේ වෙනස්කම් ඇත.සිපගැනීම සිදු කරන පුද්ගලයින්ට අනුව එය ලිංගික හැඟීමක්,ආදරයක්,හෝ වෙනයම් කරුණක් පදනම් කර ගනීග

 01. මවක් දරුවෙක් සිපගැනීම සිදු කරන්නේ මව සහ දරුවා අතර ඇති අසීමිත සෙනෙහස නිසාවෙනි.කුඩා දරුවා මෙලොව හදුනා ගැනීමට සමාජානුයෝජනය වීම සඳහා සිප ගැනීම වැදගත්ය.මව සහ දරුවා අතර සම්බන්ධතාවය කිරීම සඳහා සිපගැනීම අත්‍යාවශ්‍යය වේ.



02. සිපගැනීම ආදරවන්තයන් තුළද ඇති වෙයි.එය ආදරණීය හැඟීමක් පදනම් කර ගෙන හෝ ලිංගික හැඟීමක් පදනම් හෝ විය හැකිය.සමලිංගිකයින් අතර ද සිපගැනීම සිදු වෙයි.බොහෝ දුරට මුඛ සිපගැනීමට ඔවුන් වැඩි කැමැත්තක් දක්වයි.



නමුත් සිපගැනීම සත්ව ලෝකය තුළ දැකගන්නට හැකි දුර්ලභ සිදුවීමක් වන බවද සැලකේ.




03. සත්වයින් මෙසේ සිපගැනීම සිදු නොකරන්නේ ඔවුන්ට ඒ හරහා කිසිදු පණිවුඩයක් හුවමාරු කර ගැනීමට නොහැකි නිසාවෙනි. චින්පන්සින්ගේ චර්යාවන් තුළද සිපගැනීම දැකගත හැකි වුවත් එය පේ‍්‍රමාන්විතව හැගීමකින් කරන චර්යාවක් බව නොකිය වේ.නමුත් එම පවුලේම සාමාජිකයන් වන බොනොබෝස් සතුන් ඉහළ ලිංගික හැගීම් වලින් යුක්ත බව පර්යේෂණ වලින් සොයා ගෙන ඇත.එම සතුන් ඉහළ ලිංගික හැගීමකින් යුතු සතුන් බවත් සිපගැනීම සඳහා දිව යොදා ගන්න බවද සොයා ගෙන ඇත.



04. නමුත් අප මෙහිදී වඩා වැඩි අවදානයක් යොමු කරන්නේ ආදරවන්තයින්ගේ සිපගැනීම සම්බන්ධවයිග හාද්ද ඉංග‍්‍රීසි බසින් නසිි යන්නෙන් බිදී ආවෙකි.පැරණි ඉංග‍්‍රීසි බසට අයත් නසිි යන පදය ”කිස්ජෙනන් ”ලෙස හදුන්වන ප‍්‍රාග් ජර්මානු වදනකින් මෙය සම්බාව්‍යය ලබා ඇති අතර එයින් අදහස් වුයේ හාදුදීමෙදී පිටවන ශබ්දයකි.සාමාන්‍යයෙන්  එක් බටහිර ජාතිකයෙක් සිප ගැනීම සඳහා සිය ජීවිත කාලයෙන් පැය විසිදහසක් පමණ ගත කරයි.

පළමු වරට තිරය මත සිප ගැනීමක් සිදු වුයේ සියවසකට පෙරය. tomas edison මේ නිර්මාණය එලි දැක්වූයේ කැනේඩියානු නිළි may lrwin ය. ඒ කාළයේ සිප ගැනීමේ දර්ශණ තහනම් විය.නමුත් පළමු සිනමා සිප ගැනීම විය.

 සිපගැනීම පිලිබඳ විවිධ රට වල තරඟ ආදියද පවත්වා ඇත.දීර්ඝතම සිපගැනීම සිදු කර ඇත්තේ තායිලන්තයේ පතාය වල තිබූ තරඟයකදී පැය 58 ක් සිපගෙන ගිනස් වාර්තාවක් තබා ඇත.සිපගැනීම විවිධ සංස්කෘතීන් ට අනුව සිදු කරන ආකාරය පහත දැක්වේගපැසිෆික් සාගරයේ කූක් දූපත් වලට නුදුරු  මැන්ගයියා දුපත් වැසියන් කිසිදෙනෙක සිපගැනීම කියා කිසිදෙයක් දැන හිටියේ නැත.එහෙත් සිපගැනීමේ රුසියන් වූ ඉංග‍්‍රීසි ජාතිකයන් 1700 යුගයේ දී එහි පැමිණීමත් සමඟ එය වෙනස් විය.

පැරණි ඊජිප්තු වැසියන් සිප ගැනීම සිදු කළේ මුවට මුව තැබීමෙන් නොව නාසයට නාසය තැබීමෙනි.ලෝකයේ පවතින විවිධාකාර සංස්කෘතීන් අතරින් 90 %ක්ම සිප ගැනීම සිදු කරයි.
16 වැනි සියවසයේ නේපාලයේ සහ ඉතාලියේ සිප ගැනීම මරණීය දණ්ඩනයක් ලැබීමට හේතු විය.මේ ආකාරයට සිප ගැනීම යන්න විවිධ රට වල විවිධ අයුරින් ක‍්‍රියාත්මක වේ.

හාද්දක් පිළිබඳ මුල්වරට පොත පතෙහි සදහන්ව ඇත්තේ පුරාණ වෛදික යුගයේදීය. ක‍්‍රිස්තු පුර්ව 1500 සමයේදී වේද භක්තිකයින් මුවින් කිවිසුම් ඇරිය බව සඳහන් වේ.දෙතොල් කෙතරම් සංවේදී ද යන්න සිප ගැනීම පසක් කරවයි. සාමාන්‍යයෙන් ඇගිලි තුඩු වල තිබෙන ස්නායු අන්ත මෙන් සිය ගුණයක ස්නායු අන්ත දෙතොල් වල පිහිටා තිබේ. එපමණක් නොව විවිධ රට වල විවිධ මත මෙම සිපගැනීම හා යෙදේ. සාමාන්‍ය සිපගැනීමකදී මුහුණේ මාංශ පේශී දෙකක් පමණ අවශ්‍යය වුවත් එහෙත් ආත්මීය හෙවත් ප‍්‍රංශයේ සෝල් කිසස් ලෙස හදුන්වන ෆ්‍රෙන්ච් කිස් ලබාදීමේදී මුහුණේ මාංශ පේශී 34 අවශ්‍යය වේ.

සිපගැනීම මුළු ලෝකය පුරාම ව්‍යාප්ත වුණු ගෝලීය භාෂාවක් තමන් ආදරය කරන කෙනාට තම ආදරය දනවන හොදම ක‍්‍රමයක් ලෙස සිප ගැනීම හැදින්විය හැකිය. තවත් සමහරු අයිතිය ප‍්‍රකාශ කිරීම සඳහා මෙය සිදුකරයි.නමුත් සිපගැනීම ආදරය සහ රාගය මතම පදනම් වූ දෙයක්ම නොවේ.ශාරීරික මානසික සුවයක් ඇති කර ගැනීම නිසා එකිනෙකාගේ තොල් සහ දිව ගැටෙන නිසා කේටය ශ‍්‍රාවය වීම නිසා දත් හොදින් පිරිසිදු වේ.විදුරු මස් ශක්තිමත් වේ.ඒ නිසා වැඩි වශයෙන් සිපගැනීම් සිදු කිරීම මුඛ රෝග සහ මානසික අසහනය නැති කරන බව විද්වතුන් පෙන්වා දෙන අතර වැඩියෙන් සිප ගැනීම සෞඛ්‍යට වඩාත් යෝග්‍යය බව පෙන්වා දෙයි.

බටහිර සංස්කෘතිය තුළ සිටින පුද්ගලයින්ගේ විශ්වාසය වී තිබෙන්නේ සිපගැනීම විශ්වීය හැසිරීමක් බවයි.නමුත් පර්යේෂණ වලින් සොයාගෙන ඇත්තේ සිපගැනීම බොහෝ සංස්කෘතීන්ට අනන්‍යය වූ අංගයක් වන බවයි.මෑතකදී සිදු කළ අධ්‍යනයකින් තහවුරු වී තිබෙන්නේ සංස්කෘතී ලොව පුරා තිබෙන සංස්කෘතීන් 168 කින් 46% තුළ පමණක් පේ‍්‍රමාන්විත හැගීම් හුවමාරු කර ගැනීම උදෙසා සිපගැනීම සිදු කරන බවයි.
බොහෝ ගෝත‍්‍රයන් තුළ සිපගැනීම යන්න සිදු නොවන බවත් සමහර ගෝත‍්‍රයන් මෙය පිළිකුල් දනවන කටයුත්තක් ලෙසද හදුන්වන බවද සැලකේ.බ‍්‍රසීලයේ සිටින ”මිහිනකු ”ගෝත‍්‍රය සිපගැනීම සලකන්නේ  ඕලාරික ක‍්‍රියාවක් ලෙසිනි.
මෙම සිපගැනීම යන්න බටහිර සාමජයන් තුළින් පැතිරුණු කාර්යක් ලෙස පෙනුනත් එය පරම්පරාවන් තුළින් පැතිර ගිය ක‍්‍රියාවක් ක‍්‍රියාවක් බව නොවඩා විශ්ව විද්‍යාලයේ සිටින ලේඛකයකු වන විලියම් ජන්කොවොක් පවසා සිටී.මේ පිළිබඳව තිබෙන පැරණිම සාක්ෂිය වන්නේ මීට අවරුදු 3500 කට එපිටින් සංස්කෘත භාෂාවෙන් ලියවුනු කෘතියක් තුළයි.
සිපගැනීම හදුන්වා ඇත්තේ එකිනෙකා ආත්ම ආඝ‍්‍රහණය කිරීමක් බවයි.තවත් පර්යේෂකයකුගේ අදහසකට අනුව පේ‍්‍රමවන්තයින් පළමුව ලිංගිකව එකතු වූ දිනයට වඩා පළමු හාදුව මතකයේ රැුදී පවතී.හාදුව යනු කෙනෙකු කෙරෙහි අපේ හිතේ ඇති ආදරය සෙනෙහස පෙන්වීමට තිලිණ කරාන්නකි.අපේ ජීවිතයේ විවිධ අවස්ථාවන් වල අප විසින් අපේ සමීපතයන්ව සිපගන්නවා වගේම ඊට ප‍්‍රතිචාර ලෙස ඔවුන්ද සිපගෙන ඇත .සිපගැනීමක් මුහුණට මුහුණලා මෙන්ම පුද්ගල සමීපත්වය මත අතට,බෙල්ලට,කන්පෙති ආදී  ඕනෑම ආකාරයකින් සිදු විය හැක.
පහත දැක්වෙන්නේ විවිධ රටවල සහ විවිධ සංස්කෘතීන් තුළ සිපගන්නා ආකාරය සංකේත                  වශයෙනි. මෙය ක්ලිෆර්ඞ් ග‍්‍රීට්ස්ගේග සංකේත භාවිතා කරමින් සංස්කෘතිය නිර්මාණය වන බවට කදිම උදාහරණයකි...............

                           x නළල් හාදුව
නළල සිප ගැනීමෙන් පෙන්නුම් කරන්නේ සෙනෙහස මිත‍්‍රශීලිත්වයයි.පේ‍්‍රම සබඳතාවයකට ආරම්භයක් ගැනීමක් ලෙසද සැලකිය හැකිය.

                           x එස්කිමෝ හාදුව
දෙදෙනාගේ නාසයන් එකිනෙක ගාවමින් ලබාදෙන මෙයින් අගවෙන්නේ සෙනෙහසයි.දෙමාපියදරුවන් අතර ,සහෝදර සහෝදරියන් අතර ,හොඳම මිතුරු මිතුරියන් අතර බටහිර රටවල වැඩි වශයෙන් මෙය ක‍්‍රියාත්මක වේ.
                           ප‍්‍රංශ හාදුව
මෙය අතිශය සරාගී සහ හැඟීම් කුළු ගන්වන සුළු හාදුවකි.මෙවන් හාදුවක් අවසන් වීමට සාපේක්ෂව දිගු වේලාවක් ගත වෙයි.හන්ගීන් උද්දීපනය සඳහා දිව ද යොදා ගැනේ.

                           x එක් තොල් පෙත්තකට දෙන හාදුව
ඔහුගේ/ඇයගේ තොල් පෙති ඔබේ තොල් පෙති වලට ග‍්‍රහණය කර ගන්නා අතර අයගේ එක් තොල් පෙත්තක් සිපගැනීම මෙහිදී සිදු වේ.

                           x අතකට ලබා දෙන හාදුව
ගරු කටයුතු පවුල් වල ඇයට ගවුරව දැක්වීම සහ චාරිත‍්‍රයක් ලෙස ඔවුන්ගේ අත සිප ගැනීමක් බටහිර රට වල චාරිත‍්‍රයක් ලෙස දක්නට ඇත.තවද කරුණාව,දයාව ,සෙනෙහස ආදී හැඟීම් පෙරදැරි කර ගත් හාදුවක් ලෙසද මෙය හැදින්වේ.

                           x කන්පෙති වලට ලබා දෙන හාදුව
මෙය ඉතා ආදරණීය හාදුවක් වන අතර .මෙයට දිවද යොදා ගන්නේ නම් ඉතා ආදරණීය හාදුවක් වෙයි.
                           
                           x සමනළ හාදුව
දෙදෙනා ඇස් පිහාටු ගෑවෙන තරම් ලඟින් ඉද සිපගැනීමයි.
                          
                            x  දිගු හාදුව
ඉතා දිගු වේලාවක් ලඟින් ඉඳ සිපගැනීමයි.

                            x කම්මුලකට ලබා දෙන හාදුව
මිත‍්‍රශීලීත්වය ,සෙනෙහස, ගෞරවය පෙරදැරිව ලබා දෙන හාදුවක් ලෙස හැදින් වේ.බොහෝ රට වල මෙය භාවිතා වන අතර ගැඹුරු තේරුමක් මෙයට නොමැත.

                            x ලිප් ග්ලොස් හාදුව

මෙය ආදරණීය මෙන්ම විනෝදයක් ලබා දෙන්නකි.දෙතොල් සිප ගැනීමක් මෙහිදී සිදු කෙරේ.මෙවැනි ක‍්‍රමයන් විවිධ රටවල සිප ගැනීම සඳහා යොදා ගන්නා අතර විවිධ අර්ථකතනයන්ද ඇත.

ශෙහානි ලියනගේ
කැලණිය විශ්ව විද්‍යාලය 

No comments:

Post a Comment

ශ්‍රමය නිසරු වෙයි........ කටෝර මාර්ගයක අපමණ දුක් වේදනා විදිමින් දෑ මා පියන්ගේ දහදියෙන් කඳුලින් අකුරු කරමින් අයනු ආයනු පටන් සප්ත ...