දෙවනි ඉනිමෙන් දැවෙන අපේ පාසල
අතීතයේ
පාසල අපේ පුජනීය ස්ථානයකි. පාසලට අපකීර්තියක් අත් වන කසිම දෙයක් කිරීමට අපේ සිත අපට ඉඩ දෙන්නේ නැත.
එවන් සංස්කෘතියක් ඇති රටකට පිට රට පාසල් පද්ධති මෙරට ඇති කිරීමට දරන උත්සාහයකි
දෙවන ඉනිම. ලංකාවේ මෙතෙක් බිහි වූ ටෙලිනාට්‍ය පාසල් සිසුන් අරඹයා නිර්මාණය වුවද
පාසල් ළමයින්ට අයහපත් බලපෑමක් කරන ටෙලිනාට්‍ය බිහි වුයේ නැත. විදේශීය ටෙලි නාට්‍ය
කලාව සම්භන්ධව මීට පෙර නෙල්ලි තුළින් සාකච්ඡා කර ඇත.
පාසල මිනිසෙකු උස් මිනිහෙක් හෝ පහත් මිනිසෙකු කරන
ස්ථානයයි. ජීවිතයේ ඉරණමයි. පාසල සම්භන්ධව අතීතය ගත්තද විවිධ ආදරණීය නිර්මාණ බිහි
වී ඇත. උදාහරණයක් ලෙස ගොළු හදවත. එම නව කතාව තුළින් එකල සමාජයට බලපෑමක් සිදු වී
නැත. එකල සැවොම දම්මි සුගත් වීමට ආස කළද රුපවාහිනී ටෙලි නාට්‍ය මෙන් එය බලපෑම්කාරී
වී නොමැත.
දෙවැනි ඉනිම පාසලේ, පන්තියේ කතාබහට ලක් වෙන තරමටම ජනප්‍රිය
වී ඇත. නමුත් මෙම ටෙලිනාට්‍ය තුළින් සමාජයට වන බලපෑම පිළිබඳව කිසිවෙක් අවදානය යොමු
කර නැත. මෙහි ඉලක්ක ගත ග්‍රාහකයින් වන්නේ පාසල් යන සිසුන්, තරුණ තරුණියන්ය. නමුත්
අවබෝධයක් ඇති පුද්ගලයෙක් නම් මෙය නරඹන්නේ තවත් ටෙලිනාට්‍යක් යයි සිතයි. නමුත්
පාසල් යන දරුවා මෙය නරඹන විට අතීත කියමනකට අනුව කටේ මැස්සෝ ගියත් ඔහු දන්නේ නැත.
මෙම ටෙලිනාට්‍යයට වසඟ වී ඇත. මෙහි යහපත් බලපෑමක් තිබේ නම් ඇත්තේ නාලිකාවේ ජනප්‍රියත්වය,
නළු නිළියන් ජනප්‍රිය වීම සහ rating ඉහළ යාමයි.
අයහපත් බලපෑම වැඩි වශයෙන් එල්ල වන්නේ පාසල් සිසුන්ටයි. බොහෝ
දෙමවුපියන් වර්තමානයේ දරුවාට ටෙලිනාට්‍ය නැරඹීමට අවස්ථාව ලබා දෙන්නේ නැත. නමුත්
පාසල් ඇදුම් ඇඳගත් පාසලක සිදුවීම් ජාලයක් හෙයින් දෙමාපියන් දෙවැනි ඉනිම බැලීමට
අවසර ලබා දෙයි. පාසල තුළ ගැහැණු දරුවන්ට කොට ගවුම් ඇදීමට අවසර තිබේද? ඇඟට හිර වූ
සුදු ගවුම් පාසලට ගැලපෙන්නේ නැත. ගැහැණු දරුවන් make up දමා පාසලට පැමිණේ. පිරිමි
ළමුන් ඇඳුම් හිරට අඳි, කොන්ඩේ ජෙල් තවරයි. මේවා අපේ පාසලට ගැලපේද? සිග්මන් ප්‍රොයිඩ්ට
අනුව එකම දේ නැවත නැවතත් දැකීමෙන් එය අනුකරණය කරයි. අනිවාර්යෙන්ම වර්තමාන පාසල්
සිසුන් අවන්ත, අනුහස්, සමල්කා, දෙවුමි වීමට උත්සාහ ගනී.
එහි සමාජයට ලබා දෙන්නේ කුමක්ද පාසල් යන කාලයේ ප්‍රේම කල
යුතුයි. ගැහැණු දරුවන්ගේ බෝඩිමට පිරිමින්ට පැමිණිය හැකියි. එක් සිසුවියක් වෙනුවෙන්
අඩ දඹර ඇති කර ගත යුතුයි. දරුවන් පියාට වෛර කල යුතුයි. පියා දරුවන්ට වෛර කල
යුතුයි. අද ජනප්‍රිය විය යුත්තේ මේවාද?පාසලේ ගුරුවරුන්ට කිසිම ගෞරවයක් නැත.
ගුරුවරුන්ට අනුවර්ත නාමයන් යොදයි. ගුරුවරුන් දෙවිවරුන් ලෙස සැලකු කාලය අමතක කර
පාසල් පද්ධතියද විනාශ කිරීමට වත්මන් ටෙලි නාට්‍ය උත්සාහ කරයි. මේවා දැක අපට
කියන්නට වන්නේ අබුද්දස්ස කාලේ ලබුත් තිතයි කියායි.
ශෙහානි ලියනගේ
කැලණිය විශ්ව විද්‍යාලය


Good idea
ReplyDeletethanks..........
Deleteගොලු හදවතේ දම්මි-සුගත් තාමත් අපේ හිත්වල පාසල් ප්‍රේමයේ නටඹුන් විදියට සක්මන් කරනවා. දෙවෙනි ඉනිම ගෙනෙන පාසල් පෙම්වතුන් ඊට සමාන කරන්න කොහෙත්ම බෑ. හොඳ අදහසක්...
ReplyDeleteබොහොම ස්තුතියි
ReplyDelete