ශ්‍රමය නිසරු
වෙයි........
කටෝර මාර්ගයක අපමණ දුක්
වේදනා විදිමින් දෑ මා පියන්ගේ දහදියෙන් කඳුලින් අකුරු කරමින් අයනු ආයනු පටන් සප්ත
සාගරයේ අක් මුල් සොයා යන මෙම අධ්‍යාපන මාවතේ ගමන් කරන දරුවන්ගේ මහමෙරක් තරම් ඇති
ගැටළු සහ අධ්‍යාපනයේ පවතින් යම් යම් ගැටළු සම්බන්ධව බලධරයන්ගේ අවදානය යොමු නොවීම
පුදුම සහගත දෙයකි. අධ්‍යාපන ලබන කුඩා දරුවකුට ඔහුගේ ජීවිතයේ ප්‍රථම අභියෝගය වන්නේ
ශිෂ්‍යත්ව කඩයිම සඳහා මුහුණ දීමයි. දෙමාපියන්ගේ විභාගය ලෙස හදුන්වන මෙය දරුවන් සළකන්නේ
ඔවුන්ගේ අභාගයක් ලෙසයි. ශිෂ්‍යත්වය තුළින් ගොඩනැගෙන ශිෂ්‍යයාගේ දෙවන කඩයිම වන්නේ
සා පෙළ විභාගයයි. සා පෙළ විභාගය සමත්වීමෙන් පසුව ශිෂ්‍යයින් යොමු වන්නේ උ පෙළ
සඳහායි. උසස් පෙළ විභාගය සමත් වීමෙන් අනතුරුව උපාධි අපේක්ෂකයින් ලෙස විශ්ව විද්‍යාලය
සඳහා තේරී පත්වෙයි. විශ්ව විද්‍යාල වරම් ලබා ගත් විද්‍යාර්ථයන්ගේ එකම අභිප්‍රාය
වන්නේ අසමත් නොවී කෙසේ හෝ උපාධිය ලබා ගැනීමයි. ඒ නිසා ඔවුන් එම කාල සීමාව තුළ අධ්‍යාපනය
ලබන අතර ඔවුන්ට රැකියාවක් සිදු කිරීමට නොහැකිය. රැකියාව සිදු කිරීමට අවශ්‍ය වුවද ඔවුන්ට
රැකියාව සිදු කිරීම සඳහා ඉඩ පහසුකම් නොමැත. විශ්ව විද්‍යාලය තුළ ගත කරන ජීවිතය
ඔවුන් වැය කරන්නේ අධ්‍යාපනය සඳහා පමණි.
නමුත් භාහිරින් උපාධිය
සමත් කර ගන්නා අනෙකුත් උපාධි අපේක්ෂකයන්ට විශ්ව විද්‍යාලය තරම් පහසුකම් නොමැති වුවත්
ඔවුන් වැඩි වශයෙන් යොමු වන්නේ ටියුෂන් ගුරුවරයාගේ පිටපත කට පාඩම් කරමින් උපාධිය
ලබා ගැනීමයි. නමුත් මෙම ක්‍රමවේදයන් දෙකෙහිම අවසානයන් සමාන වෙයි. අපහසුවෙන් වෙහෙස
මහන්සි වී උපාධිය ලබා ගන්නා ශිෂ්‍යයාටත් ටියුෂන් ගුරුගෙන් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයාටත්
උරුම වන්නේ එක හා සමාන තත්වයකි. ඔවුන් දෙදෙනාගේ උපාධිය ලබා ගන්නා ආකාරය එකිනෙකට
වෙනස් වුවද අවසානයේ ඕනෑම පුද්ගලයකුගේ අපේක්ෂාව වන රැකියා ලබාදීමේදී එකම ක්‍රමවේදයක්
ඇත. එනිසා ඔවුන්ට රැකියා පෝලින් වල එකට සිට ගැනීමට සිදු වෙයි. අවුරුදු ගණනාවක්
පවතී රැකියා අර්භුදයට විසදුම් සෙවීමට එකම රජයකටවත් හැකියාවක් නොමැත. ඒ නිසා විරැකියාවෙන් යුතු බොහෝ
උපාධිදාරීන් පිරිසක් රැකියා අපේක්ෂාවෙන් සිටී. ලංකාව තුළ රජයේ විශ්ව විද්‍යාල තුළ
උපාධිධාරීන්ට නව රැකියා ලබාදීමට වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුය. උපාධිය සඳහා
රැකියාවකට වඩාත් ගැළපෙන සුදුසු පාඨමාලාවක් ලබා දිය යුතුය. එවිට ඔවුන්ට රැකියා පෝලින්
වල සිටීමට අවස්ථාවක් නොමැත.
ලංකාව තුළ විශාල පිරිසක්
සඳහා රැකියා පෝලින් වල සිටීමට සිදු වේ. එම නිසා රැකියා විරහිත උපාධිදාරීන් සඳහා
විවිධ ගැටළු මතු වී ඇත. නමුත් ලංකාවේ ඉතා අපහසුම විභාගය ලෙස හැඳින්වෙන උසස් පෙළ
විභාගය සමත්ව විශ්ව විද්‍යාලය වෙත ශිෂ්‍යයන් ගමන් කරන්නේ නොයෙකුත් බලාපොරොත්තු
සහගතවයි. එම බලාපොරොත්තු විශ්ව විද්‍යාලයෙන් බැහැර වූ පසුව බිදී ගොසින් ඔවුන් විවිධ
රැකියාවන්ට යොමු වීමේ ප්‍රවනතාවයක් ඇත. උපාධිදාරීන් සඳහා විශේෂ පුහුණුවක් ලබා දිය
යුතුය. ඔවුන් අධ්‍යයන කාල සීමාව තුළ වැඩි ඉඩකඩක් ආයතනික පුහුණුව සඳහා යොමු කළ
යුතුය. විශ්ව විද්‍යාලය සඳහා වඩා වැඩි සංඛ්‍යාවක් සම්භන්ධ කර ගනිමින් ඔවුන්ව
නඩත්තු කිරීමේ හැකියාවක් ඔවුන්ට නොමැති නම් විශ්ව විද්‍යාල සඳහා එතරම් පිරිසක්
බඳවා ගැනීම නොකළ යුතුය. බල ධරයන්ගේ ඇස පෑදිය යුතු අවස්ථාවකි. අවධානය යොමු විය යුතු
අතර ඉතා ඉක්මනින් මේ සඳහා පියවර ගත යුතුය. සුවිශේෂී ශ්‍රම බලකායක් සිටියදී ශ්‍රමයෙන්
ප්‍රයෝජණයක් නොගැනීම මෙරට අඩුපාඩුවකි.

😢
ReplyDelete