Thursday, May 25, 2017


                         
                          අවලංගු කාසිය



ස්ත්‍රිය.................................
ගැහැණිය.........................
කාන්තාව ........................
ගැහැණු ළමයා............... කෙල්ල...............................
මැහැල්ල............................ යනාදී විවිධාකාර නාමයන්ගෙන් ස්ත්‍රිය හදුන්වයි. සමාජයේ වැඩි වශයෙන් කතා බහට ලක් වන මාතෘකාවක් හෙයින් මේ පිළිබඳව ලියන්නට අදහස් කළෙමි. මා  මෙය අවලංගු කාසිය ලෙස මාතෘකා කරගත්තේ ඇයි දැයි ඔබ සිතාවි .මදකට සිතන්න.



සමාජය තුළ ස්ත්‍රියට හිමිව තිබෙන ස්ථානය කුමක්ද? ස්ත්‍රියට සමාජය තුළ තම කශේරුකාව කෙලින් කර නැගී සිටීමට හැකියාවක් තිබේද? ලංකාව ගත් කළ ලංකාවේ සියළු දෙනාගේ ගෞරවයට පාත්‍ර වන උත්තරීතර සභාව ගත් කළ ස්ත්‍රියට කෙලින් සිට ගෙන ප්‍රශ්න නැගීමට පිළිතුරක් ලබා දීමට හැකියාවක් තිබේද? ඇය වටේ සිටින්නන් ඇයට ඇනුම් පද කියා ඇයව වැලක්වීමට උත්සාහ ගනී.ඒ නිසා සමාජය විසින් ස්ත්‍රිය යන්න අවලංගු කාසියක් බවට පත් කොට ඇත.

පුරුෂයින්ට වඩා කාන්තාවන් පිළිබඳව සමාජය තුළ කතා බහට ලක්  වන්නේ සමාජය තුළ වඩා වටිනාකමක් හිමි විය යුත්තේ ඔහුට නොව ඇයට නිසාවෙනි. වර්තමාන සමාජය දෙස බැලීමේදී අධ්‍යාපනය ක්ෂේත්‍රය ගත් කළ වැඩි පිරිසක් උසස් අධ්‍යාපනය සඳහා යොමු වන්නේ කාන්තාවන්ය. නමුත් ආයතන ප්‍රධානියා කාන්තාවක් වූ විට ඇයට පිරිමියෙකුට ලැබෙන තරම් ගරු සැලකිලි නොලැබෙන්නේ මන්ද? ඇය සමාජය තුළ අවලංගු කාසියක් බවට පත් කර ඇත.

ස්ත්‍රිය වෙළඳ භාණ්ඩයක් ලෙසද යොදා ගනී. එමෙන්ම ලිංගික ආකර්ෂණය ඇති භාණ්ඩයක් ලෙසද යොදා ගනී. පිරිමින් සඳහා වූ භාණ්ඩයක් වුවද වෙළද පොළ තුළ අළෙවි කර ගැනීමට කාන්තාව යොදා ගනී. එස් වන්නේ මන්ද මෙම ස්ත්‍රියට නිසි වටිනාකමක් ඉන් ලැබේද? කාන්තාව යන උත්තරීතර නාමය සමාජය විසින් කෙලෙසන්නේ මන්ද?

ස්ත්‍රිය අලසය, උදේ සිට සවස් වන තුරුම උයන පිහන වැඩ කරන කුස්සි අම්මා කෙනෙකු ලෙසටත් සමහරුන් දකී. එමෙන්ම  කාන්තාව සැම විටම සමාජයේ පිටුපසට ඇද දමයි. ඇය එවිට අවලංගු කාසියක් සමාජයේ වැඩකට නැති දෙයක් බවට පත් වේ. ලංකාව ඇතුළු ආසියාතික රටවල පිතෘමූලික සමාජ ක්‍රමය හරහා මෙය ආරම්භ වී ඇතැයි බොහේ දෙනා සිතයි. නමුත් බටහිර සමාජය තුල මෙවැනි තත්වයන් දක්නට නොමැත.
ස්ත්‍රියට පුරුෂයා අභිබවා යෑමේ අවශ්‍යතාවයක් නොමැත. නමුත් කාන්තාව කෙදිනකවත් අවලංගු කාසියක් බවට පත් නොකළ යුතුය. මන්ද සෑම කෙනෙක්ම මෙලොවට බිහි වන්නේ මව් කුස තුළිනි. මවට මෙන් කාන්තාවට ගරු බුහුමන් දැක්විය යුතුය. සොහොයුරියක් ලෙසට ඇයට නිසිතැන ලබා දිය යුතුය. සමාජය තුළ ගැහැණිය අවලංගු කාසියක් කිරීමට නොව උත්තරීතර නිලයක් දරන්නියක් ලෙසට නිසි ගෞරව කිරීමට සැවොම අවදානය යොමු කළ යුතුය.

   
                                                                                          


ශෙහානි ලියනගේ
 කැළණිය විශ්ව විද්‍යාලය


8 comments:

  1. කාන්තාවන්ට සුදුසු තැන නොදෙන සමාජයට ආමන්ත්‍රණය කරන්න මේක හොඳ ලිපියක් වේවි. සුබ පැතුම්...

    ReplyDelete

ශ්‍රමය නිසරු වෙයි........ කටෝර මාර්ගයක අපමණ දුක් වේදනා විදිමින් දෑ මා පියන්ගේ දහදියෙන් කඳුලින් අකුරු කරමින් අයනු ආයනු පටන් සප්ත ...