අධ්‍යාපනය
තුළින් පුද්ගලයකුගේ වැදගත්කම වගේම පුද්ගලයකුගේ වටිනාකම වැඩි වෙනවා. ලංකාවේ අධ්‍යාපන
ක්‍රමයට අනුව නිදහස් අධ්‍යාපනය කන්නන්ගර මහතා ස්ථාපිත කළ පසු හේනේ කුඹුරේ වගා
කරමින් අහිංසක ජීවිත ගෙවන දෙමව්පියන්ගේ දරුවන්ට පහසුවෙන් ඉගනීම අවස්තාව උදා වුණා.
වර්තමානය දෙස බලන කල කුඩා දරුවා පාසලට ඇතුලත් කළ දිනයේ පටන් ටියුෂන් රැල්ලට යොමු
වී ඇත. ටියුෂන් නොයන දරුවා පාසල තුළද එතරම් වැදගත් පුද්ගලයකු ලෙස හදුන්වන්නේ නැත.
කුඩා දරුවා පාසලට ඇතුළත් කළ දවසේ සිට අධ්‍යාපනය අවසන් වන තෙක්ම මෙම ටියුෂන් රැල්ලට
යොමු වී ඇත. මුලුන්ම එය ආරම්භ වන්නේ nersury සිටයි. හයක් හතරක් නොදත් නොදරුවා
මුලින්ම මවගේ අතේ එල්ලී english nersary වෙත පියනගයි.
එතනින්
නොනවතින එම ගමනේ මීළඟ අධියර වන්නේ අම්මලාගේ විභාගයයි. ශිෂත්ව විභාගය සඳහා මවගේ අතේ
එල්ලී දිවා රෑ නොබලා කුඩා දරුවා ශිෂත්ව පන්තියට යයි. සුපිරි පාසලක් තෝරාගැනීම සඳහා
මවත් දරුවාත් කරන මේ සටනේ ජයග්‍රහණය සහ පරාජය තුළින් සතුටට සහ දුකට පත්වන්නේ දෙමව්පියන්ය.
එතනින් නොනවතින මේ අධ්‍යාපන තරඟය සාමාන්‍ය පෙළ තුළද දකින්නට ඇත.
සාමාන්‍ය
පෙළ විභාගයද දැන් තරඟකාරී විභාගයක් බවට පත් වී ඇත. ළමයින් වැල නොකැඩී අමතර පන්ති
වලට යාමේ තරඟයක් ඇත. සාමාන්‍ය පෙළ සෑම විෂයකටම පාහේ අමතර පන්ති යාමේ සංස්කෘතියක් දැනට
බිහිව ඇත. බුද්ධ ධර්මයට පවා අමතර පන්ති යන සමාජයක් දැනට බිහිව ඇත. මීට හේතුව
කුමක්ද? වරද කාගේද? පාසල් පද්ධතිය තුළ නිවැරදිව අධ්‍යාපන කටයුතු සිදුවේද යන්න සොයා
බැලිය යුතුය.එදා වේල හරිහම්බ කරගෙන කන දෙමාපියන්ට අතපය දිගහැර වියදම් කිරීමට
හැකියාවක් නැත. ඔවුන්ගේ උත්සාහය වන්නේ කුසට අහර නැතත් දරුවන්ට ඉගැන්වීමටයි. නිදහස්
අධ්‍යාපනය තිබියදී මේ අධ්‍යාපනික රැල්ල නිසා දැනට අධ්‍යාපනය විකිණෙන තත්වයකට පත්ව
ඇත.
එතනින්
නොනවතින මේ අධ්‍යාපන විකිණීම උසස් පෙළ දක්වා විහිදී ඇත. උසස් පෙළ විභායට ළමයින් අමතර
පන්ති පමණක් යයි. උසස් පෙළ 80 % පැමිණීම බැලුවද ඔවුන් අමතර පන්ති යාම අනිවාර්ය වී
ඇත. පාසල් තුළ නිසි ආකාරයෙන් අධ්‍යාපනය
සිදුවේද යන්න ගැටළුවකි. උසස් පෙළ උපකාරක පන්ති දැනට අනිවාර්ය වී ඇත. එමගින් විශ්ව
විද්‍යාලය සඳහා සුදුසුකම් ලබන්නේ අතලොස්සකි. දෙමාපියන් වෙහෙස මහන්සියෙන් උගන්වා
විශ්ව විද්‍යාලයේ යාමට නොහැකි අහිංසක දරුවන්ට කුමක් වේද? මුදල් වියදම් කොට
උපාධියක් ගැනීමට ඔවුන්ට හැකියාවක් නොමැත. මුදලට උපාධි විකුනන්ගෙන් උපාධි ගැනීමට
ඔවුන්නට හැකියාවක් නැත.
සමාජය
තුළද උපාධි කඩ ගැටළුව එන්න එන්නම වැඩි වී ඇත. එම ගැටළුවට අද වන තෙක් නිසි ආකාර
විසදුමක් නැත. එකිනෙකා ඇන කොටා ගනිමින් ප්‍රශ්ණය උඩු දුවනවා මිස එයට නිවැරදි
විසදුමක් ලබා නොදේ? කෙසේ වෙතත් අධ්‍යාපනය විකිණීමට ඉඩ ලබා නොදිය යුතුය. මුදල්
ඇත්තන් පිටරට වලට ගොස් උපාධි ලබා ගනී. අවසානයේ දෙමාපියන්ගේ මුදල් වලින් සරසවි බිමට
ආ දරුවාට උපාධියෙන් පසු රැකියාවක් නොමැතිව බස් හෝල්ට් වල, පාරවල් වල උද්ගෝෂණ
පැවැත්විය යුතුය. ඒ නිසා මෙලොව එළිය දකින දරුවාට අධ්‍යාපනය සඳහා වියදම් කරන මුදල
ගණන් හදා නිම කරන්නට නොහැක. විකිණෙන විකුණන අධ්‍යාපනය තවත් මේ ආකාරයට පවත්වාගෙන
යාමට ඉඩ දීමෙන් නිදහස් අධ්‍යාපනයට කන කොකා හැඩුවා යයි කන්නන්ගර මහතාට අපට
පණිවුඩයක් යවන්නට සිදු වනු ඇත .
ශෙහානි ලියනගේ
කැළණිය විශ්ව විද්‍යාලය


No comments:
Post a Comment