Friday, April 28, 2017


                      
හුම්මානේ


රැළි නංවමින් පෙන කැටි එක එක                               එන්නේ
මහ හඩිනුයි රැලි එක දෙක                                      නගින්නේ
එකක් බිදී තව එක එක                                           නගින්නේ
හුම්මානයයි අසිරි සිරි                                         ගෙනෙන්නේ


විවේකයක් ලද සැනින් ඔන්න අපි                                    ආවා
හුම්මානය බලා ප්‍රිතියකුත්                                                ආවා
ගෙන ආ බඩු සේරම මුහුදට                                            දැමුවා
අඩියක් ගසා ගානට පදමට                                               ආවා


රැල්ලක් බිඳ තව රැල්ලක්                                         නගින්නේ
නැත කුණු කදන් ගොඩටමයි                                    ගසන්නේ
හීන් හඩින් ඇවිදින් මහා සද්දෙන්                           වැදෙන්නේ
සිහි විකල් වූ විට නැත එය මතකෙට                            එන්නේ

 හුම්මානේ හඬ ටික ටික අමතක                                         වුවා
 අඩියේ පදමට මුළු ගතම                                            වෙව්ලුවා
 සිටි තැන නොදැන මහා මුහුදට කරනම්                          ගැසුවා
 හුම්මානය බලන්නට ඇවිදින් මරණය                          අත්වූවා


බීමත්කමත් සමඟ මිනිසුන් නොමිනිසුන් වේ                           ය
කරන කියන දේ කිසිවෙක් නොදන්නේ                                  ය
සතුට විනෝදය සමඟම මරණය අත් වේ                                 ය
මන්ද මිනිසුන් මෙතරම් මතට ප්‍රියේ                                         ය


ශෙහානි ලියනගේ 
කැලණිය විශ්ව විද්‍යාලය 



No comments:

Post a Comment

ශ්‍රමය නිසරු වෙයි........ කටෝර මාර්ගයක අපමණ දුක් වේදනා විදිමින් දෑ මා පියන්ගේ දහදියෙන් කඳුලින් අකුරු කරමින් අයනු ආයනු පටන් සප්ත ...