පෙළපාලි සහ
කම්කරුවා
මැයි පළවෙනිදාත්
උදාවුණා.කම්කරු දිනය රජයේ නිවාඩු දිනයක් විය.පෙළපාලි දසතින් කොළොම්පුරයට ගොඩ බැස
ඇත.කම්කරුවන්ද පෙළපාලියේ සිටින්නේ....................?
නැත,දේශපාලන
මගෝඩිස්තුමන්ලා ප්‍රධාන කොට ගත් රැලි සංවිධානය වී තිබුණි.දේශපාලන මගොඩිස්තුමන්ලාගේ
මගෝඩිස්කම් මඟින් තැලී පොඩිවී මිරිකී යන අපේ අසරණ අහිංසක කම්කරුවා නොව අද මැයි රැලියට පාරට බහින්නේ.
ඒ /සී කාඹර වල ජැන්ඩි පහට හැඳ පැළඳ
ගෙන ලලනාවන් කීපදෙනෙක් වටේට තියා ගෙන ජනතාවගේ ප්‍රශ්ණ දෙස උපැස් යුවල යටින් බලාන
ඇත්තන් අද පාරට බැස ඇත. එදා වේල හරිහම්බ කර
ගැනීමට නොහැකිව අව්ව ,වැස්ස ,බඩගින්න සමඟ සටන් වදින අපේ අහිංසක අම්මට තාත්තට කොහිද
ඉඩක් මැයි පෙළපාලියේ දී කම්කරුවෙකු ලෙස පාරට බහින්නට.
රට පුරා දේශපාලන අතවැසියන්ගේ බස්
වලින් කොළොම්පුරයට ඇද කැමරා වල ,පත්තර වල තමුනුත් කම්කරුවෙක් යන නාමය ජනතාවට ඒත්තු
ගන්වන්නට අද මගෝඩිස්තුමන්ලා පාරට බැස ඇත.අහිංසක කම්කරුවා දේශපාලනයට බැන වදිමින්
කම්කරු දිනයේද වැඩෙහි නිරතවෙන අවස්ථාවන්ද ඇත.ඔවුන්ට නිදහසක් නැත.ඔවුන්ට පෙළපාලි
නැත.මැයි පෙළපාලියද දේශපාලනික පෙළපාලියක් වී ඇත.සැබෑ කම්කරුවාට වැඩ කරන ජනතාවට එහි
අවස්ථාවක් නැත.
වැඩ කරන ජනතාවගේ සැබෑ ප්‍රශ්ණ කතා
කිරීමට අත්‍යාවශ්‍යය දිනයක් ලෙස මැයි දිනය හැදින්විය හැකිය. වර්තමානයේ
දේශපාලනීකරණය වූ මේ සමාජය තුළ දේශපාලන මැදිහත් වීම් නොමැතිව කිසිවක් කර ගත නොහැකි
ආකාරයට අද සමාජය පත් කරගෙන ඇත.වැඩ කරන ජනහවගේ ඉල්ලීම් ,ඔවුන්ගේ අයිතිවාසිකම් ආදිය රජයට
පෙන්වා දිය හැක්කේ මෙම කම්කරු දිනයේදීය.නමුත් අද ඔවුන්ට එම අවස්ථාව අහිමිව ඇත. ගතේ වෙහෙස දහදිය
සමඟ මුසු කරමින් හෙට ලොව ජයගැනීමට වෙහෙසෙන සැබෑ කම්කරුවට අද ඉඩක් නැත.
කම්කරුවා නිහඬ
චරිතයක් බවට පත්ව ඇත. කම්කරුවන් එක් දිනක් හෝ සේවය වර්ජනය කළහොත් රටේ පැවැත්මට කුමක්
වේද? එක් දේශපාලකයෙක් තම සේවයෙන් ඉවත් වෙනවාට වැඩ කම්කරුවෙක් දිනක් සේවය නොකර සිටීම
අප රටට බලපාන කාරණයක් වෙයි.ඔවුන්ගේ සේවාව අතිමහත්ය. නමුත් ඔවුන්ට හඬක් නගන්නට හැකි
අවස්ථාවේත් නිහඬව සිටීම අපරාදයකි.ඉතින්,මැයි දිනයක් කුමටද සුදුස්සාට සුදුසු තැන
පෙනී සිටීමට නොහැකිනම්...............................................
ශෙහානි ලියනගේ
කැළණිය
විශ්ව විද්‍යාලය


No comments:
Post a Comment