සැබෑ ආදරය
තාරුණ්‍යයේ හඬ අවදි කරන්නට තිබෙන ස්ථානයක් ලෙස නෙල්ලි හැදින්වීමට පුළුවනි. තාරුණ්‍යයේ හද ගැස්ම, දඟකාර සිතුවිලි, සිත තුළ නලියන පොපියන, ගිගුම් දෙන ආදරය යන්න පිළිබඳ අනිවාර්යෙන්ම අදහසක් ඉදිරිපත් කළ යුතු යැයි මට සිතේ.
ආදරය යන්නට නිශ්චිත අර්ථකතනයක් දිය නොහැකිය. ආදරය විවිධ වෙයි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාටත්, සමාජ පරිසරය, ජාන වල බලපෑම් ආදිය මත විවිධ වෙනස්කම් වලට ලක් වන හෙයින් එය එකිනෙකාට අනන්‍ය වූ දෙයක් ලෙස හැදින් වේ. ආදරය විවිධ වේ. දෙමාපිය දූ දරු ආදර සම්බන්දතා, පෙම්වතුන් පෙම්වතියන් අතර ඇති වන ආදර සම්බන්ධතා, සහෝදර සහෝදරියන් අතර ඇති වන ආදර සම්බන්ධතා යහළු මිත්‍රාදීන් අතර යනාදී වශයෙන් විවිධ පද්ධතීන් තුළ ආදරය විවිධ වේ.
මුලින්ම දෙමාපිය දූ දරු ආදරය ගැන අවධානය යොමු කළ විට, අප මෙලොවට බිහි කළ ආදරණීය අම්මා අසීමිත වේදනාවක් දරා ලෝකයේ කිසිවෙකුටත් දැරිය නොහැකි අපමණ වේදනාවක් දරමින් තමා ලේ ධාතුව ක්ෂීරය බවට පත් කොට අපව පෝෂණය කර ඇගේ කුසට අහරක් නැතිව අප කුස පෝෂණය කරන්නේ ලොවේ කරුණාවන්තකමේ ආදරයේ අසිරිය පාමිනි. පියාණන් දහදිය වගුරවමින් ගිනි අව්වේ ගිනියම් පොළොව දෙබෑ කරමින් අපව උස් මහත් කිරීමට අසීමිත වෙහෙසක් මහන්සියක් දරයි.ඔවුන්ගේ ආදරය මෙතකැයි කියා නිම කළ නොහැකිය.
එමෙන්ම වැදු ගමන් වැසිකිලි වලවල් , කුණුගොඩ වල දරුවන් දමා යන කුසට දරුවෙකු ආ සැනින් ගබ්සා පෝලිම් වල සිටගන්නා තම සිඟිති දියණියට අතවර කරන නාමයට පමණක් මව්වරුන් පියවරුන් කියා ගන්නා ඇත්තන් ද නැත්තේම නොවේ.
දරුවන් දෙමව්පියන්ට දක්වන ආදරය ඔවුන් ලබා දෙන සෙනෙහසට සරිලන අයුරින් වියපත්ව මරණයට පත්වන තුරුම ඔවුන් පෝෂණය කර රැක බලා ගන්නා දරුවන්ද ඇත. තවද තමා මවට පොල්ලෙන් ගසා මරා දමන පියාණන්ට කැත්තෙන් පොරවෙන් කොටා දමන වියපත් වූ පසු දෙමාපියන්ට අයත් සියළු සේසතම පවරා ගෙන මහමඟට ගෙන ගොස් දමන දෙමාපියන්ට බල්ලන්ට පුසන්ට දක්වන ආදරය සෙනෙහස තරම් ආදරය නොදක්වන දරුවන්ද අප සමාජයේ නැත්තේම නොවේ.

පෙම්වතුන් පෙම්වතියන්ගේ ආදරය පිළිබඳව අවදානයේදී
පෙම්වතුන් පෙම්වතියන් ආදරය කරන කාලයේදී පමණක් ආදර කුරුල්ලන් ලෙසින් සිට විවාහ
දිවිය එළබෙන විට වෙනස් වන හදවත් තුළ සැබෑ ආදරයක් පවතිනේ නැත. බුදුදහමේ නකුල පිතා සහ
නකුල මතා තරුණ කාලයේ සිට ආදරය කර ඔවුන් වියපත්ව මරණාසන්න මොහොත දක්වාම ආදරය කළේය. එමෙන්ම
රාධා ක්‍රිෂ්ණා ,රෝමියෝ ජුලියට්, රාමා සීතා වැනි ප්‍රේම වෘතාන්ත ගත් කළ සැබෑ ආදරය
යන්න වටහා ගත හැකිය. සැබෑ ආදරවන්තයන් යනු ජීවිත කාළය පුරාම දුකේදීත් සැපේදීත් එකාවන්ව
සිටීමයි.
ආදරය යන්නට සමාන අරුතක් ලෙස සමහරුන් ආලය කියයි.
නමුත් ආදරය සහ ආලය අතර ඇත්තේ කෙස් ගසක වෙනසක් යැයි සමහරුන් කියයි. ආලය ලිංගිකත්වය
හා බැදේ. ආදරය යන්න මුවාවෙන් තමන්ගේ ලිංගික ආශාවන් ඉටු කර ගැනීම සඳහා පොරබදින රොදබදින
මී මැසි ප්‍රේමවන්තයින් ද සමාජයේ ඇත. ආදරය යන පිවිතුරු පවිත්‍ර වදනට ද නිගරු
කරමින් ආදරයේ නාමයෙන් ඔවුන්ගේ වෙනත් ආශාවන් ඉටු කර ගැනීමට පෙළඹේ.
සහෝදර සහෝදරියන් මිතුරු මිතුරියන් ගත් කළද සියල්ලෝම ආදරය යන්න හදුනා ගත යුතුය. තමන්ට වාසියක් ගෙන දේ සඳහා පමණක් නොව තමන් මුළු මහත් සමාජයටම ආදරය කරයි නම් තමාටද නිරායාසයෙන්ම ආදරය ලැබේ. ආදරය අරගල කර ලබා ගත නොහැකි දෙයකි. තමන්ට ආදරය ලැබෙන්නේ තමන්ද ආදරණීය වුවොත් පමණි.
ශෙහානි ලියනගේ
කැළණිය
විශ්ව විද්‍යාලය


ආදරය හරි හැටි තේරුම් නොගත් වර්තමාන සමාජයට ගැළපෙන වටිනා අදහසක්..
ReplyDeletethanx viji
DeleteLovely
ReplyDeletethanxxxx............
Delete