මීතොටමුල්ලේ ඔබ නොදුටු දසුන්
![]() |
මේ ලිපිය දුටු සැනින් ඔබට සිතෙනවා ඇති
මීතොටමුල්ලේ සිදු වූ ඛේදවාචකයේ ඡායාරූප පෙළක් ඉදිරිපත් කරනවා කියා. නැත, ඔබ බොහෝ
මාධ්‍යයෙන් ඒ ගැන දැනුවත් ඇති. අද අපි මීතොටමුල්ලේ ඔබ නොදත් කතා පිලිබඳ විමසමු. අළුත්
අවුරුද්දේ සුභ නැකතින් අප්‍රේල් 14 මීතොටමුල්ල කුණු කන්ද දෙබෑ වුණා. ඒ අවට පිරිස්
අවුරුදු සිරි අසිරිය විඳ ගනිමිනුයි හිටියේ. එක් ක්ෂණයකින් මිනිස් දේපොළ සහ ජීවිත
පොළවට සමතලා කරමින් කුරිරු වූ කුණු කන්ද අහිංසක මිනිසුන්ගේ ජීවිත, වෙහෙස මහන්සියෙන්
තනාගත් ගෙවල් දොරවල් සිත් පිත් නොමැතිව විනාශ කරා.
අද බොහෝ දෙනෙක් මේ පිළිබඳව කතා කරනවා.
ඒ අතරම මේ කතාව වහන්න තවත් කතා මවමින් ඉන්නවා. මොනවා කරත් කොහොම කිව්වත් අහිංසක
ජීවිත නැවත අපට ලැබෙනවාද යන්න සිතන්නට අවශ්‍යයයි.
පක්ෂ විපක්ෂ දෙපක්ෂයම විවිධ කතා මවනවා.
නමුත් ඇත්තටම අද
මේ මිනිස්සුන්ට කුමන ඉරණමක් ඇත වේද? මේ පිලිබඳ දේශපාලුවන්ට හිතන්නට තිබුණේ මීට
කලින් යන්න ඔවුන්ට තවමත් නොවැටහේ. මෙම නායයාම ගැන බොහෝදෙනෙක් කතාබහට ලක් කරයි.
විවේචන කරයි. නමුත් ඇත්තටම කුණු බැහැර කරන්නේ කෙසේද? ප්‍රතිචක්‍රීකරණය කරන්නේ
කෙසේද? යන්න පිලිබඳව අවදානය යොමු කරන්නේ නැත.
මේ කුණු කන්ද පිළිබඳව බොහෝ දෙනා විවිධ අවස්ථාවන්
වලදී විරුද්ධත්වය දැක්වූවද දේශපාලුවන්ගේ හෝ බලධරයින්ට එය බීරන්ට වීනා වැයීමක් වැනි
විය. ඡන්දයක් ළඟ ඇති විට පමණක් ඔවුන් ජනතාවගේ ඉල්ලීම් සලකා බලයී යනුවෙන්
ඔවුන්ගේ ගම නගරය සුරපුරක් කරන්නට මෙන් විවිධ කතා මවයි. ජනතා ඡන්දයෙන් බලයට පත් වූ
විට ඔවුන් ඉණිමගට පයින් ගසයි. මේ හැම දෙයකින්ම අසරණ වී ඇත්තේ අහිංසක මිනිසුන්ය.
පිහිටක්
නොමැතිව සරණක් නොමැතිව අසරණව ඇත්තේ අහිංසක ජන කොට්ටාෂයකි. ඔවුන්ට සරණක් වන්නේ
එවැනිම ජනතාවයි. වගකිවයුත්තන් එකිනෙකාට ඇගිලි දිගු කරමින් සමාජයේ වෙනත් කතන්දර
මවයි. බොහෝ කාලයකින් වෙහෙස මහන්සියෙන් තනා ගත ගෙවල් දොරවල්, මිනිස් ජීවිත විනාශය
වූ විට සහන සේවා කුමටද? මෙවැනි ව්‍යාධියක් ඇති වීමට පෙර එය ඇති නොවීමට පිළියම්
සෙවිය යුතුය.
වරද ඔබේද?
මගේද? මුලින්ම තමන් ඉවත ලන කුණු අවසානයේ කුමක් වේද යන්න පිළිබඳව මිනිසුන් වන අපි
කල්පනා කළ යුතුය.ඒවා නිසි අයුරින් බැහැර කළ යුතුය. වරද කාගේද යන්න එකිනෙකාට ඇගිලි
දිගු කිරීමෙන් ඊට පිළිතුරක් ලැබෙන්නේ නැත. මෙවැනි තත්වයක් ඉදිරියේදී ඇති නොවීමට අප
සියල්ලෝම වග බලා ගත යුතුය. වරද කාගේ වුවද එය සිදු වී අවසානයි. ගැටළුවක් සිදු වූ
පසුව විසදුම් සොයනවාට වඩා එය ඇති නොවීමට අප සියල්ලන්ම වග බලා ගත යුතුය.
![]() |
ශෙහානි ලියනගේ
කැලණිය විශ්ව විද්‍යාලය


මිනිසුන් විදියට හිතන්න බොහෝ දේවල් තියෙනවා. වටින ලිපියක්..
ReplyDeletehm...thanx
DeleteGreat
ReplyDeletethanzz..........
ReplyDelete