කඳුළ
හඬන්නට වෙර දැරූමුත්
හඬන්නට මතක නැතa
සිනා වෙන්නට වෙර දැරූමුත්
සිනා වෙන්නට වරම් නැත
ලං වෙන්නට වෙර දැරූමුත්
ලං වෙන්නට ඉඩක් නැත
හැර යන්නට වෙර දැරූමුත්
හැර යන්නට හිතක් නැත
ජීවිතයේ දිය දහරාවේ
දැනුණු දුකට ගැලු කඳුළු
ගනිණු බැරිය
ශෙහානි ලියනගේ
කැළණිය විශ්ව විද්‍යාලය
ශෙහානි ලියනගේ
කැළණිය විශ්ව විද්‍යාලය

No comments:
Post a Comment