Sunday, May 28, 2017

පසුම්බියට  විදි සමාජ ශාලා ළඳුන්


සල්ලිකාර නොසන්ඩාලයින්ගේ රජ දහන වන රැව් දෙන නද දෙන නාදයට ලොල් වී දඟදමන තරුණ තරුණියන්ගේ නවාතැන් පොළ බවට සමාජ ශාලා අද පත්ව ඇත. තරුණ තරුණියන්ට අමතරව වයසක නාම්බන්ද තරුණියන්ගේ පහස පතා මෙතැනට පිය නගයි. තරුණියන් ඔලුව අත ගා ටොකු අනිනවා මෙන් ඇගේ ආලිංගනයෙන් පිරිමියා නතු කරවාගෙන ඔහුගේ පොකට්ටුවට තට්ටු කරයි.

සමාජ ශාලා ළඳුන් සමාජ ශාලාවට ගොඩ වන පිරිමින් අන්තිම සතය දක්වා සූරා ගනී. සවස හතේ සිට පාන්දර තුන දක්වා පැවැත්වෙන මෙම නාඩගම පිලිබඳව විවිධ මාධ්‍යන් මෙන්ම සමාජය පුරා අවුරුද්දකට දෙතුන් වරක් කතාබහට ලක්වේ. නමුත් වෙනත් කිසිවෙකුගේ අවදානය මේ කෙරෙහි යොමු වී නොමැත. නිදහසේ තටු සලන කුරුල්ලන් කිරිල්ලියන් ලෙස මේ සමාජ ශාලා තුළ ඔවුනොවුන් සන්තෝෂයෙන් කල් ගත කරයි.

මෙම සමාජ ශාලා දේශපාලුවන්ගේ , රටේ වැදගත් යැයි කියන පිරිසගේ ,නළු නිළියන්ගේ නවාතැන් පොලක් බවට පත්ව ඇත. මෙම මධ්‍යස්ථාන තුළ සිදු නොවන දෙයක් නැත. මත් ද්‍රව්‍ය ගැනීම, ලිංගික සේවනය, කැසිනෝ, සූදු, හොර සල්ලි ජාවාරම හරි හරියට කර ගෙන යයි. මෙය ගමේ ගොඩේ මිනිසුන්ට අසාමාන්‍ය දෙයක් වුවද කොළඹ හතේ නෝනලාට මෙය අරුමයක් නොවේ. ඔවුන්ට දින චරියාවේ අංගයක් බවට පත්ව ඇත.


ගමේ සුවඳ ගමේකමට හැදුනු වැඩුණු ඇය මුදලට යට වී සල්ලි ඉක්මනින් හොයන්නට සමාජ ශාලාවේ පිහිට පතයි. අමතර ආදායම සදහා ඇය ශාලාවෙන් පිට පිරිමින් හා එක් වෙයි. සමාජ ශාලා තුළ ලිංගිකව එකතු වීම තහනම්ය. මත් වතුරට හා ස්ත්‍රීයට ලොල්ව සමාජ ශාලා වලට ගොඩ වදින තරුණ පිරිස් මෙන්ම ආරණ්‍ණිවාසීව ධාර්මිකව ජීවත් වන පිරිසක් සිටීම පුදුම සහගතය. සියල්ල විනාශය වී යන ලෝකයේ අනිත්‍ය සිහි කරමින් ලංකාව ධාර්මික රටක් කිරීමට උත්සාහ දරන පුද්ගලයන් පිරිසක් සිටීමද සතුටට කාරණයකි.

උදේ සවස බණ කියන බණ අසන සංස්කෘතිය පිළිබඳව මහා ඉහලින් පරම්බානා මිනිසුන් වෙසෙන මේ ලක්දිව තුල මෙවැනි දේවල් නුසුදුසු යයි දැනදැනම කිසිවෙක් මේ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැටළුවකි. කෝටි ගණනක මුදලක් කා බී ජොලි කර විනාශ කරයි. රටේ ස්වභාව ධර්මය පවා මේ රට යන ඇත පිළිබඳව කම්පා වෙන්නේ යයි අපට සිතන්නට නොහැකිද?

සමාජයේ පොතක් පැන්සලක් ගැනීමට නොහැකි දරුවන් සිටියදී ,කුසට අහරක් නොමැතිව බඩගින්දරේ සිටින මිනිසුන් සිටියදී, අදින්නට වැරහැල්ලක් නොමැතිව හිඟාකන මිනිසුන් සිටියදී මෙලෙස මුදල් කිසිම ප්‍රයෝජනයක් නොමැති දෙයකට වියදම් කරන්නේ මන්ද යන්න කිසිවෙකුටත් නොවැටහේද? රට එන්න එන්න ම අගාදයට ඇද වැටෙයි. අඩ නිරුවත්ව දගලන නළවන ගැහැණුන්ට සහ මතට ලොල්ව රට නොමගට යෑම කිසිවෙකුට වැළක්විය නොහැකිද? වගකිව යුත්තන්ට මේ පිළිබඳව අවදානය යොමු කිරීමට කාලය ඉතිරිව ඇත.



ශෙහානි ලියනගේ
කැළණිය විශ්ව විද්‍යාලය



2 comments:

ශ්‍රමය නිසරු වෙයි........ කටෝර මාර්ගයක අපමණ දුක් වේදනා විදිමින් දෑ මා පියන්ගේ දහදියෙන් කඳුලින් අකුරු කරමින් අයනු ආයනු පටන් සප්ත ...